මෙක්සිකෝවේ දේවස්ථානයක් කඩා වැටිලා .

මෙක්සිකෝවේ දේවස්ථානයක වහලය කඩා වැටීමෙන් විශාල පිරිසක් සුන්බුන් අතර සිරවී සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ .

දහවල් දිව්‍ය පූජාව අතරතුරේ දී සැන්ට කෘස් දේවස්ථානයේ මෙම අනතුර සිදුව තිබේ .

අනතුර සිදුවන අවස්ථාවේ 100 කට අධික පිරිසක් එහි සිට ඇති අතර 30 දෙනෙකු පමණ සුන්බුන් අතර සිරවී සිටින බව සඳහන්.

විදෙස් මාධ්‍ය වැඩි දුරටත් වාර්තා කර ඇත්තේ සුන්බුන් අතර දරුවන් බොහෝ පිරිසක් සිර වී සිටින බවත් , ඔවුන් ගලවා ගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක බවත් ය.

Exit mobile version