හැටන් නගරයේ රථ වාහන නතර කිරිම් තහනම් ප්‍රදේශවල රථ වාහන නීති එක් එක් අයගේ තරාතිරම් මත ක්‍රියාත්මක වීමත් සමග මෙම ප්‍රදේශයේ සමහර පිරිස් විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇති බව වාර්තා වේ.
හැටන් නගර මධ්‍යයේ රථ වාහන නතර කිරිම තහනම් ලෙස දැන්වීම් පුවරු සවිකර ඇති ස්ථානවල සමහර රථ වාහන නතර කර තිබුණද එයට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොකරන පොලීසිය හදිසියකට හෝ තමන් තම ත්‍රීරෝද රථයක් හෝ වෑන් රථයක් නතර කළ විට තමන්ට බැන වැදී නීතිමය පියවර ගන්නා බවට ප්‍රදේශයේ සමහර පිරිස් ප්‍රකාශ කර තිබේ.
මෙසේ රථ වාහන නතර කිරීම තහනම් යනුවෙන් පුවරු යොදා ඇති ස්ථානවල සමහර ලොරි රථ පැය ගණන් නතර කර බඩු බෑම් හා පැටවිම් සිදු කරන බවත් එම ලොරි රථ එම තහනම් ප්‍රදේශයේ නතර කර ඇති අයුරු දැක දැක සමහර පොලිස් නිලධාරින් නොදැක්කාසේ යන බවද එම පිරිස් වැඩි දුරටත් ප්‍රකාශ කරයි.
රථ වාහන නීති ක්‍රියාත්මක වනුයේ එක් එක් පුද්ගලයන්ගේ තරාතිරම් මතද යන්න ප්‍රශ්නයක්ව පවතින බවත් මෙම තත්ත්වයන් පිළිබඳව අදාල ඉහළ බලධාරින්ගේ අවධානය යොමු විය යුතු බවද එම පිරිස් තව දුරටත් ප්‍රකාශ කර තිබේ.
