යාපන විශ්වවිද්‍යාලයේ කළහකාරී ලෙස හැසිරීමේ සිද්ධියට සම්බන්ධ සිසුන් 31 දෙනෙකුගේ පංති තහනම් කර ඇති බව වාර්තා වේ.
පසුගිය සිකුරාදා දිනයේ විශ්වවිද්‍යාලයේ කලමනාකරණ අධ්‍යයන හා ව්‍යාපාර පීඨයේ දෙවන වසරේ සහ තෙවන වසරේ සිසුන් දෙපිරිසක් අතර ආරවුලක් ඇති වූ අතර පසුව එය ගැටුමක් දක්වා වර්ධනය වී තිබේ.
මේ හේතුවෙන් සිදුකළ විමර්ශණයකින් අනතුරුව දෙවන වසරේ සිසුන් 16 දෙනෙකුට හා තෙවන වසරේ සිසුන් 15 දෙනෙකුට විශ්වවිද්‍යාල පරිශ්‍රයට හා නේවාසිකාගාරවලට ඇතුල් වීම තහනම් කර තිබේ.
