පොදුජන පෙරමුණට සහ නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාට ඇති අපල දුරු වීම සඳහා සළුපාලි ශාන්ති කර්මයක් පොදුජන පෙරමුණේ බෙලිඅත්ත ආසන බල මණ්ඩල රැස්වීම අවසානයේදී පැවැත්වුණු බව වාර්තා වේ.
එම අවස්ථාවට අමාත්‍ය පවිත්‍රා වන්නි ආරච්චි , රාජ්‍ය අමාතයවරුන් වන ඉන්දික අනුරුද්ධ ,ඩී වී චානක ද පා.ම.තේනුක විදානගම තිස්ස කුට්ටිආරච්චි ඩබ්ලිවු .ඩී. වීරසිංහ ඇතුළු පිරිසක් සහභාගී වී සිටි බව සඳහන් වේ.
බලමණ්ඩල රැස්වීම අවසානයේදී මෙම සළුපාලි ශාන්තිකර්මය පැවති අතර එහිදී සංවිධායකයින් කියා සිටියේ පොදුජන පෙරමුණේ හා නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාගේ අපල දුරු කිරීම සඳහා මෙම ශාන්තිකර්මය පැවැත්වූ බවයි.
