ලෝක ප්‍රසිද්ධ රංගන ශිල්පියෙකු වන ෂාරුක් ඛාන්ගේ ආරක්ෂාව තර කිරීමට තීරණය කළ බවට මහාරාෂ්ට්‍ර ප්‍රාන්ත රජය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇති බව වාර්තා වේ.
පතාන් සහ ජවාන් චිත්‍රපට ලැබූ සාර්ථකත්වයත් සමග දුරකථන ඇමතුම් මාර්ගයෙන් තමාට මරණීය තර්ජන එල්ල වන බව ෂාරුක් ඛාන් මහාරාෂ්ට්‍ර ප්‍රාන්ත රජයට පසුගිය 5 වැනිදා ලිඛිතව පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.
එම පැමිණිල්ලත් සමග ෂාරුක් ඛාන්ගේ ආරක්ෂාව වයි ප්ලස් කාණ්ඩය දක්වා ඉහළ දමන ලෙස සියලුම පොලිස් ස්ථානවලට සහ විශේෂ ආරක්ෂණ ඒකකවලට දැනුම් දීමට මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ බුද්ධි අංශය කටයුතු කර ඇති බව සදහන්.
ඒ අනුව ඔහු ගමන් කරන විට ආරක්ෂාව සැලසීම සඳහා කමාන්ඩෝ භටයන් 6 දෙනකු, පොලිස් නිලධාරීන් 4 දෙනකු සහ වාහන තදබදය අවම කිරීම සඳහා පොලිස් වාහනයක් ලබා දෙන බවට මහාරාෂ්ට්‍ර ප්‍රාන්ත රජය නිකුත් කළ නිවේදනයේ සඳහන් .
