ග්‍රාම නිලධාරින්ගේ දීමනා පිළිබඳ සොයා බැලීමට කමිටුවක්.

ග්‍රාම නිලධාරින්ගේ දීමනා වැඩිකිරීම පිළිබඳ සොයා බැලීමට විශේෂ කමිටුවක් පිහිටුවන බවට රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත මහතා ප්‍රකාශ කර ඇති බව වාර්තා වේ.

ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යාංශයේ අද පැවති දිස්ත්‍රික් ලේකම්වරුන්ගේ සමුළුවකට එක්වෙමින් ඔහු පවසා සිටියේ ග්‍රාම නිලධාරින්ගේ රාජකාරියට ඇති බාධාවන් සමනය කිරීමට ද ඉදිරියේදී වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බවයි.

Exit mobile version