මන්ත්‍රීවරුන්ගේ චර්යා ධර්ම සොයා බලන්න කමිටුවක් .

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද සහ චර්යාධර්ම සොයාබලා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම සඳහා විශේෂ කමිටුවක් පත්කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇති බව වාර්තා වේ.

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින් ඊට අදාළව ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට ඊයේ (23) පස්වරුවේ රැස්වූ කැබිනට් මණ්ඩල අනුමැතිය ලබා දී ඇති බව වාර්තා වේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කැබිනට් මණ්ඩලය රැස්වූ අතර එහිදී අග්‍රාමාත්‍යවරයා විසින් මෙම කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කර තිබේ.

Exit mobile version