ආසියානු කුසලාන අවසන් තරග පරාජය සම්බන්ධයෙන් පැමිණිල්ලක් .

ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ඉන්දියාවට එරෙහිව පැවති අවසන් මහා තරගය පරාජයට පත්වීම සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන ලෙස ඉල්ලමින් අල්ලස , දූෂණය , නාස්තියට එරෙහි පුරවැසි බලය සංවිධානයේ සභාපති ගාමිණී සමන්ත තුෂාර විසින් පොලිස් මූලස්ථානයට අද (18) පැමිණිල්ලක් ඉදිරිපත් කළ බව වාර්තා වේ.

එම පැමිණිල්ල ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔහු මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රකාශ කළේ ඉතා අඩු ලකුණු සංඛ්‍යාවකට ඉන්දියාව හමුවේ ශ්‍රී ලංකා කණ්ඩායම දැවී යාම සම්බන්ධයෙන් සැකයක් පවතින බවයි.

Exit mobile version