මඩකලපුව, වාකරේ පොලිස්ථානයේ රාජකාරි කරන පොලිස් කොස්තාපල්වරයෙකුට ගඩොල් කැටයකින් පහර දී තුවාල සිදු කළේ යැයි කියන එම පොලිසියේම රාජකාරි කරන පොලිස් කොස්තාපල් රියදුරෙකු වාකරේ පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සැකපිට අත්අඩංගුවට ගෙන ඇති අතර ගඩොල් ප්‍රහාරයෙන් තුවාල ලැබූ පොලිස් කොස්තාපල්වරයා වාකරේ රෝහලට ඇතුළත්ව නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටින බව වාර්තා වේ .
මොවුන් දෙදෙනා අතර හටගත් ආරවුලක් දුරදිග යෑමෙන් පසු සැකකාර පොලිස් කොස්තාපල් රියදුරා ගඩොල් කැටයක් ගෙන එයින් වැරෙන් පොලිස් කොස්තාපලවරයාට පහර දී තිබේ .
අඩංගුවට ගත් සැකකාර කොස්තාපල්වරයා සම්බන්ධයෙන් විමර්ශන පවත්වා ඔහුගේ වැඩ තහනම් කිරීමට කටයුතු යොදා ගෙන යන බව වාර්තා වේ .
සිද්ධිය සම්බන්ධයෙන් වැඩි දුර විමර්ශන කටයුතු වාකරේ පොලිසිය විසින් සිදු කරනු ලබයි.
