පානදුරේ දුම්රිය පාලමක් යට නාදුනන මළසිරුරක් .

පානදුර සාගර මාවතේ මෝය කට අසල දුම්රිය පාලම යට තිබී ඊයේ (30) පුද්ගලයෙකුගේ මළසිරුරක් හමුවී තිබෙන බවට වාර්තා වේ.

මියගොස් ඇත්තේ වයස අවුරුදු 50ක් පමණ වන පිරිමි පුද්ගලයෙකු වන කොණ්ඩය නැති ඔහුගේ ශරීරය හදුනාගත නොහැකි තරමටම ඉදිමී ඇති බව සදහන්.

මළසිරුරේ දෙපා දණහිසෙන් පහළ කොටස නොමැති අතර කොන්දේ තුනටිය අසල තුවාල වී තිබේ.

මෘත ශරීරය පශ්චාත් මරණ පරීක්ෂණ සදහා නාගොඩ රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති මුත් මරණ කරුගේ අනන්‍යතාව මෙතෙක් තහවුරු කර නොමැති බව සදහන්.

මේ පිළිබඳව පානදුර දකුණ පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරනු ලබයි.

Exit mobile version