පොලිසියට පහරදුන් යුවළක් පොලිස් දැලේ.

පොලිස් නිලධාරීන්ට පහරදී තුවාල සිදු කළ අඹුසැමි යුවළක් කහතුඩුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

පිළියන්දල පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කරන පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකු රාත්‍රියේ විශේෂ මෙහෙයුම් රාජකාරියේ යෙදී සිටියදී පිළියන්දල නගරයේ දී සැකකටයුතු ලෙස පැමිණි ලොරි රථයක් නැවැත්වීමට සංඥා කර තිබේ.

එහිදී අණ නොතකා ධාවනය වූ ලොරිය පසුපස හඹා ගිය පොලිස් නිලධාරීන් දෙදෙනා පොල්ගස්ඕවිට ප්‍රදේශයේදී ලොරිය නවත්වා පරික්ෂා කර තිබේ.

එම අවස්ථාවේදී එම රථයේ රියදුරු සහ ඇයගේ බිරිඳ සහ තවත් කණ්ඩායමක් පොලිස් නිලධාරීන්ට පොලුවලින් පහරදී තුවාල සිදුකර ඇති බවට පොලීසිය ප්‍රකාශ කර තිබේ.

පහරදීමෙන් තුවාල ලැබූ පොලිස් නිලධාරීන් දෙදෙනා ප්‍රතිකාර සඳහා කළුබෝවිල රෝහලට ඇතුළත් කර ඇති අතර ලොරි රථයේ රියදුරුද පොලීසියෙන් පහර දුන් බව කියමින් ප්‍රතිකාර සඳහා වෑතර රෝහලට ඇතුළත් වී තිබෙන බව සදහන්.

අත්අඩංගුවට ගත් සැකකාර යුවළ කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 3 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර තිබේ.

Exit mobile version