බොරු මැණික් ගල් පෙන්වා මිනිසුන් රැවටූ යුවළක් පොලිස් දැලේ.

හොරණ නගරයේ සැරිසරමින් මැණික් ගල් යැයි පවසා විවිධ පාටින් යුත් ගල් පෙන්වා පුද්ගලයන් රැසක් රවටා රන් භාණ්ඩ වංචා කළ කාන්තාවක් සහ පිරිමි පුද්ගලයකු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ .

සැකකරු සන්තකයේ තිබී හොරයින් මත් කුඩු ග්‍රෑම් 10 ක් ද සොයාගෙන තිබේ .

පොලීසිය පවසන්නේ අත්අඩංගුවට ගත් සැකකරු හා සැකකාරිය දිවයිනේ ලියාපදිංචි අපරාධකරුවන්ගේ ලේඛනගතව සිටින තැනැත්තන් බවයි.

සැකකාරිය 63 හැවිරිදි බටපොල ප්‍රදේශයේ පදිංචිකාරියක් වන අතර සැකකරු 59 හැවිරිදි මත්තල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි .

මෙම සැකකාරිය සහ සැකකරු සන්තකයේ තිබී විවිධ වර්ණයන්ගෙන් යුතු ව්‍යාජ මැණික් ගල් පොලීසිය විසින් සොයාගෙන ඇති අතර සැකකරුගේ සහ සැකකාරියගේ වංචාවට හසු වූ පුද්ගලයන් සිව් දෙනකු මේ වන විටත් හොරණ පොලීසියට පැමිණිලි කර ඇති බව වාර්තා වේ .

Exit mobile version