විවාහයක් නිසා අධිකරණයක් වැසෙයි.

අධිකරණ යතුරු ලේඛිකාවගේ විවාහ මංගල උත්සවයක් හේතුවෙන් එම අධිකරණයේ සියලුම දෙනා එම විවාහ මංගල අවස්ථාවට සහභාගී වීම නිසා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකර්ණයේ අංක 06 අධිකරණය වසා දැමූ බවත් එහි  නඩු කටයුතු සඳහා පැමිණි ජනතාව ඊයේ (01) දින මහත් අසීරුතාවකට පත් වූ බවත් වාර්තා වේ.

අදාළ අධිකරණය ඉදිරිපිට “ අද දින අංක 06 අධිකරණයේ මෝසම් නඩු නොකැඳවන බව මෙයින් කාරුණිකව දන්වා සිටිමි. අධිකරණයේ අණ පරිදි . “ යනුවෙන් සඳහන් කර තිබුණි.

සාමාන්‍යයෙන් උදෑසන 09 ට පෙරාතුව අධිකරණය වෙත මෝසම් ගොනු කළ යුතු වූවත් මෙම තත්ත්වය නිසා පෙරවරු 11 දක්වා මෝසම් ගොනු කිරීමට නීතීඥවරුන් හට අවස්ථාව හිමි වූ බවත් , එම අංක 06 අධිකරණයේ මෝසම් නඩු අංක 02 අධිකරණය හමුවේ ඊයේ (01) දහවල් කැඳවූ බවත් සඳහන්.

Exit mobile version