කොළඹ කොටුවේ විරෝධතාවලට අධිකරණ නියෝගයක්.

කොළඹ – කොටුව දුම්රියපළ ඉදිරිපිට අද (04) දහවල් වෘත්තීය සමිති විසින් පැවැත්වීමට නියමිත විරෝධතාවය සම්බන්ධයෙන් අධිකරණ නියෝගයක් නිකුත් කල බවට වාර්තා වේ.

කොටුව පොලිසිය කළ ඉල්ලීමක් සලකා බලමින් මහේස්ත්‍රාත් තිලිණ ගමගේ විසින් මෙම නියෝගය නිකුත් කර තිබේ.

ඒ අනුව එහි විරෝධතාවයේ නියැලෙන පිරිසට ජනාධිපති මන්දිරයට ,ජනාධිපති ලේකම් කාර්යාලයට සහ මුදල් අමාත්‍යාංශයට ඇතුළු වීම තහනම් කර තිබේ.

Exit mobile version