අමෙරිකාවේ වර්ජිනියා ප්‍රාන්තයේ ගුරුවරියකට වෙඩි තබා තුවාල සිදු කළ සය හැවිරිදි දරුවෙකුගේ මවට අපරාධ චෝදනා ගොනු කර ඇති බවට වාර්තා වේ.
ප්‍රාථමික පාසලක පළමු වසරේ ඉගෙනුම ලැබූ අදාළ සිසුවා පසුගිය ජනවාරි මාසයේ තම මවගේ ගිනි අවියෙන් ගුරුවරියට වෙඩි තැබීමෙන් ඇය බරපතළ තුවාල ලබා තිබුණි.
මේ අනුව නොසැලකිලිමත්ව කටයුතු කිරීම සම්බන්ධයෙන් මවට එරෙහිව සාපරාධි චෝදනා ගොනුකර තිබේ.
කෙසේවුවද මව පවසන්නේ අදාළ ගිනිඅවිය දරුවාට ලබාගත නොහැකි ආකාරයෙන් සුරක්ෂිතව තබා තිබූ බවය.
