දුමින්ද නාගමුව ඇතුළු පිරිසකට අධිකරණ නියෝගයක් .

මරදාන පොලිස් ස්ථානාධිපතිවරයා විසින් සිදු කළ කරුණු දැක්වීමකට අනුව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව ඇතුළු වෘත්තීය සමිති ක්‍රියාකාරිකයින් පස් දෙනෙකු හට සෞඛ්‍ය අමාත්‍යාංශය සහ ඒ අවට මාර්ග කිහිපයක උද්ඝෝෂණ පැවැත්වීම තහනම් කරමින් අද (28) මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය විසින් නියෝගයක් නිකුත් කර තිබෙන බව වාර්තා වේ .

ඒ අනුව හෙට (29) උදෑසන 10 දක්වා අදාළ තහනම ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනය කර තිබේ .

ජාතික රෝහල අසලින් විරෝධතා පාගමනක් පැවැත්වීමට මෙම පිරිස සූදානම් වන බවට පොලිසිය සඳහන් කර තිබේ .

Exit mobile version