කොළඹ නගරය හා තදාසන්න ප්‍රදේශවල නිවසටම උදෑසන හා හවස් කාලය තුළ නැවුම් එළකිරි සැපයීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කර තිබෙන අතර එය ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය විසින් හෙට (11) සිට ක්‍රියාත්මක කරන බව වාර්තා වේ .
මෙම වැඩපිළිවෙළ සමාරම්භක අවස්ථාව හෙට (11) දින නාරාහේන්පිට ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩල පරිශ්‍රයෙන් ආරම්භ කිරීමට කටයුතු යොදා ඇති බව කෘෂිකර්ම අමාත්‍යංශය සදහන් කර තිබේ .
