ගුවන් ගමන් පාලක පද්ධතියේ බිඳ වැටීමක් .

එංගලන්තයේ ගුවන් ගමන් පාලක පද්ධතියේ සිදු වූ බිඳවැටීමක් හේතුවෙන් ගුවන් ගමන් මගීන් දහස් ගණනක් අපහසුතාවයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

විදෙස් මාධ්‍ය සඳහන් කර ඇත්තේ මේ හේතුවෙන් හිත්‍රෝ සහ ගැට්වික් යන ගුවන් තොටුපොළවල සිට ගමන් කරන සහ පැමිණෙන ගුවන් යානා වල ප්‍රමාදයක් සිදුව ඇති බවත් , එංගලන්තයේ සිට වෙනත් රටවලට පියාසර කිරීමට නියමිතව තිබූ ගුවන් වාර 3049 ක් සහ එරටට පැමිණීමට නියමිතව තිබූ ගුවන් වාර 3054 ක් මෙලෙස ප්‍රමාද වී ඇති බවත් ය.

එමෙන්ම අදාළ කාර්මික දෝෂය යථා තත්ත්වයට පත් කිරීම සඳහා මේ වන විටත් කටයුතු කරමින් සිටින බව සඳහන්.

Exit mobile version