කළුතර උතුර ප්‍රදේශයේ නිවසක් පිටුපස ගෙල කපා ඝාතනය කළ දෙදරු මවකගේ සිරුරක් සොයාගත් බවට වාර්තා වේ.
අද(27) අලුයම නිවස පිටුපස ගෙලෙහි කැපුම් තුවාල සහිතව එම කාන්තාව වැටී සිටින අයුරු දැක පුද්ගලයකු විසින් පොලිසිය දැනුවත් කර තිබේ.
මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ කළුතර උතුර කැලිඩෝ පාරේ පදිංචිව සිටි වික්‍රමාරච්චිගේ ප්‍රේමවතී නැමැති කාන්තාවක් බවට පොලිසිය ප්‍රකාශ කර තිබේ.
කළුතර අපරාධ ස්ථාන පරීක්ෂණාගාර නිලධාරින් සහ විශේෂ පොලිස් කණ්ඩායම් කිහිපයක් පරීක්ෂණ ආරම්භ කර ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් ප්‍රකාශ කර තිබේ.
