නිධන් හෑරූ කුරුණෑගල පොලිසියේ අපරාධ අංශ නිලධාරියෙකු අත්අඩංගුවට .

කුරුණෑගල පොලිසියේ අපරාධ අංශයේ අධිකරණ කටයුතු භාර පොලිස් නිලධාරියා නිධානයක් ගොඩගැනීමට යාමේදී අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

කුරුණෑගල වැල්ලව ප්‍රදේශයේදී ඊයේ (06) නිධානයක් ගොඩගනිමින් සිටි අවස්ථාවේදී වැල්ලව කොට්ඨාස අපරාධ ඒකකය මගින් මෙම නිලධාරියා අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරු කුලියාපිටිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 12 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

Exit mobile version