තම දරුවන් දෙදෙනාට වස මිශ්‍ර ආහාර ලබා දී ඝාතනය කිරීමට තැත්කළ පියෙකු පූඩළුඔය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වේ .
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ පූඩළුඔය , හැරෝවත්ත , උඩ කොටස ප්‍රදේශයේ පදිංචිකරුවෙකි .
පොලීසිය පවසන්නේ එකොළොස් හැවිරිදි හා අට හැවිරිදි දරුවන් දෙදෙනාට මෙලෙස ආහාර වලට වස මිශ්‍ර කර දී ඔහු ද වස පානය කර සියදිවි නසා ගැනීමට තැත්කර ඇති බවයි .
එමෙන්ම සිද්ධිය සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලින් හෙළි වී ඇත්තේ මොහුගේ බිරිද ආරවුලක් මත නිවසෙන් පිටව කොළඹ ප්‍රදේශයට පිටත්ව යාම මෙම අපරාධයට හේතු වී ඇති බවයි .
මීට පෙරද මොහුගේ බීමත්කම හේතුවෙන් ආරවුල් ඇතිකරගෙන බිරිඳ නිවසින් මෙලෙස පිටව ගොස් ඇති අතර දරුවන් දෙදෙනා සහ පියා මේ වනවිට ප්‍රතිකාර සඳහා ගම්පොල රෝහල වෙත ඇතුළත් කර තිබේ .
