සිය කුඩා දරු තිදෙනාව ඝාතනය කළ පියෙක්ට එරෙහිව තායිලන්ත පොලීසිය විසින් චෝදනා ගොනුකර තිබෙන බව වාර්තා වේ .
වාර්තා වන ආකාරයට සොන්සැක් සොන්ග්සීන්ග් නම් එම සැකකරු සිය පෙර විවාහයේ දරුවන් දෙදෙනෙක්ව ද ඝාතනය කළ පුද්ගලයෙකි.
ඔහුට එරෙහිව මෙම චෝදනා ගොනුකර ඇත්තේ පසුගිය සතියේ ඔහුගේ නිවසේ මුළුතැන්ගෙයි වළදමා තිබූ දෙහැවිරිදි දැරියකගේ සිරුරක් හමුවීමෙන් පසුව ය.
එමෙන්ම සැකකරු පොලීසියට පවසා ඇත්තේ තමාට මානසික ආබාධයක් ඇති බවත් , දරුවන්ගේ ඇඬිල්ල දරා ගැනීමට නොහැකි බවත්ය.
මෙම ඝාතන සම්බන්ධයෙන් ඔහුගේ වර්තමාන බිරිඳ සහ හිටපු බිරිඳ ද අත්අඩංගුවට ගෙන තිබෙන අතර පොලීසිය පවසන්නේ සැකකරු සිව් වරක් විවාහ වී ඇති බවයි.
