අවුරුදු තුනේ පුතා ඝාතනය කළ නරුම පියෙක්.

බීමතින් සිටි පුද්ගලයෙකු සිය කුඩා දරුවා ඝාතනය කර ඔහුද සිය දිවි නසා ගැනීමට තැත් කළ පුවතක් ඉන්දියාවේ මහාරාස්ට්‍ර ප්‍රාන්තයේ චන්ද්‍රපූර් පෙදෙසින් වාර්තා වේ.

ඊයේ (09) දිනයේ සිය බිරිඳ සමග ඇති වූ සුළු ආරවුලකට බීමතින් පැමිණි මෙම 33 හැවිරිදි පුද්ගලයා තම පුතුගේ ගෙළ මිරිකා ඝාතනය කර තිබේ.මෙම අවස්ථාවේ බිරිඳ අසල නිවසක රැදී සිට තිබේ.

ගෙළ ප්‍රදේශයට පිහියෙන් ඇන සිය දිවි නසා ගැනීමට උත්සාහ කිරීමේදී බරපතළ තුවාල ලැබූ සැකකාර පියා රෝහලකට ඇතුළත් කර ඇති අතර,මිනීමැරුම් සහ සියදිවි නසා ගැනීමට තැත් කිරීමේ යන චෝදනා ඔහුට එල්ල වී තිබේ.

Exit mobile version