වැල්ලම්පිටිය, සිංහපුර නාන ළිඳ අසල තිබී නාඳුනන පිරිමි මළ සිරුරක් හමුව ඇති බව වාර්තා වේ.
ඊයේ (04) දහවල් කාලයේදී 119 තොරතුරු මධ්‍යස්ථානයට ලද තොරතුරක් මත වැල්ලම්පිට පොලීසිය ඒ පිළිබඳව විමර්ශන ආරම්භ කර ඇති බව සඳහන්.
මරණකරුගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරුවී නොමැති අතර මියගොස් ඇති පුද්ගලයා වයස අවුරුදු 50ත් 55ත් අතර වයසේ පසුවන උස අඩි 05 අඟල් 03ක් පමණ වන, අවසන් වරට දම්පාට පසුබිමේ සුදු ඉරි සහිත අත්කොට කමිසයක් සහ මිශ්‍ර වර්ණයෙන් යුත් සරමක් හැඳ සිටි බව පොලීසිය ප්‍රකාශ කර තිබේ.
මෘත දේහය සම්බන්ධයෙන් හදිසි මරණ පරීක්ෂණය සිදුකිරීමෙන් අනතුරුව මෘත ශරීරය කොළඹ ජාතික රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් වැඩි දුර විමර්ශන කටයුතු වැල්ලම්පිටිය පොලීසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.