දුම්රිය මාර්ගයක නාදුනන මළ සිරුරක්.

අම්බලන්ගොඩ , ඌරවත්ත දුම්රිය මාර්ගයේ නාදුනන පිරිමි පුද්ගල මළ සිරුරක් තිබී සොයා ගත් බව වාර්තා වේ .

අද (18) පුද්ගලයෙකු දුම්රියේ ගැටී ජීවිතක්ෂයට පත්ව ඇති බවට ලද තොරතුරක් මත අම්බලන්ගොඩ පොලිසිය විසින් විමර්ශන ආරම්භ කර ඇති නමුත් දුම්රියේ ගැටී පුද්ගලයෙකු මිය ගිය බවට තොරතුරක් මේ වන තෙක් අම්බලන්ගොඩ දුම්රිය ස්ථානය වෙතට ලැබී නොමැති බව ඔවුන් සඳහන් කර තිබේ.

ඒ හෙයින් මෙය පුද්ගල ඝාතනයක් ද යන්න සැක සහිත බව පොලිසිය ප්‍රකාශ කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් වැඩි දුර විමර්ශන කටයුතු අම්බලන්ගොඩ පොලිසිය විසින් සිදු කරන බව වාර්තා වේ .

Exit mobile version