මරදානෙන් පුද්ගල මළ සිරුරක්.

ඊයේ (29) අලුයම මරදාන ශ්‍රී සංඝරාජ මාවතේ බී.බී.සී. පාලම අසල තිබී නාඳුනන පුද්ගල මළ සිරුරක් හමුවී තිබෙන බව වාර්තා වේ .

පොලීසිය පවසන්නේ විමර්ශන නිලධාරීන් විසින් වැටී සිටි පුද්ගලයාව කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමට කටයුතු කළ නමුත් ඒ වන විටත් ඔහු මියගොස් සිටි බවයි .

මරණකරුගේ අනන්‍යතාව මෙතෙක් තහවුරු වී නොමැති අතර මෙලෙස මියගොස් ඇත්තේ අවුරුදු 30ක් පමණ වන උස අඩි 05 අඟල් 08ක, තළෙලු සිහින් සිරුරක් හිමි කොණ්ඩය කොටට කපා, නිකට යටින් රැවුල වැවී ඇති දම් පැහැ කොට කලිසමකින් සහ නිල් පැහැති කමිසයකින් සැරසුණ අයෙක් බව සඳහන් .

මෘත ශරීරය කොළඹ ජාතික රෝහලේ තැන්පත් කර ඇති අතර මරදාන පොලීසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි .

Exit mobile version