ව්‍යාඝ්‍ර කූඩුවක පුද්ගල මළසිරුරක් .

පාකිස්තානයේ සත්වෝද්‍යානයක ව්‍යාඝ්‍ර කූඩුවක තිබී පුද්ගල මළසිරුරක් සොයාගෙන ඇති බව වාර්තා වේ.

එම සත්වෝද්‍යානයේ පිරිසිදු කිරීමේ සේවකයන් පිරිසකට අදාළ කුටියේ ව්‍යාඝ්‍රයෙකුගේ මුඛයේ තිබී පුද්ගලයෙකුගේ සපත්තුවක කොටසක් නිරීක්ෂණය වී ඇති බව වාර්තා වේ.

පසුව සිදුකළ සොයා බැලීමක දී එම කුටියේ තිබී පුද්ගලයෙකුගේ මළ සිරුරක් සොයාගෙන ඇත.

කෙසේ වෙතත් අදාළ පුද්ගලයා කෙලෙස එම කූඩුවට ඇතුළු වූයේ ද යන්න සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරු අනාවරණය වී නොමැති බව සදහන්.

සිද්ධිය සම්බන්ධයෙන් එරට ආරක්ෂක අංශ වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

Exit mobile version