ඝාතනය වූ මළ සිරුරක් පාළු ඉඩමක.

බිබිල වෑගල ප්‍රදේශයේ පාළු ඉඩමක තිබී ඝාතනයට ලක් වූ පුද්ගලයෙකුගේ මළ සිරුරක් හමුව ඇති බව වාර්තා වේ .

පොලීසිය පැවසුවේ ඊයේ (10) උදෑසන මෙම ඝාතනය සිදුකර ඇති බවයි.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ 34 හැවිරිදි ඌරණිය ප්‍රදේශයේ පදිංචිව සිටි පුද්ගලයෙකි.

මෙම පුද්ගලයා එම ප්‍රදේශයේම පදිංචිව සිටින තවත් පුද්ගලයෙකු සමඟ මුදල් ආරවුලක් හේතුවෙන් ඇති වූ බහින්බස් වීමක් අතරතුර දී අනෙක් පුද්ගලයා විසින් මොහුට යකඩ පොල්ලකින් පහර දී මෙම ඝාතනය සිදුකර ඇති බව පොලීසිය සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

සැකකරු 35 හැවිරිදි වෑගම ප්‍රදේශයේ පදිංචිව සිටි පුද්ගලයෙක් වන අතර ඔහුව අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන් .

සිද්ධිය සම්බන්ධයෙන් වැඩි දුර විමර්ශන කටයුතු බිබිල පොලීසිය විසින් සිදුකරයි.

Exit mobile version