ඊයේ (05) උදෑසන රාගම දුම්රියපොළ ඉදිරිපිට තිබී නාඳුනන මළ සිරුරක් සොයාගෙන තිබෙන බව වාර්තා වේ .
මරණකරු වයස අවුරදු 65ත් 75ත් අතර උස අඩි 05යි අඟල් 14ක් පමණ වන පිරිමි අයකුගේ වන අතර, තළෙළු සිරුරක්, සුදු කොණ්ඩය මැද තට්ටය සහ උඩු රැවුල හා යටි රැවුල් වවා ඇති බව සඳහන්.
එමෙන්ම ඔහු සුදු හා ළා අළු වර්ණයෙන් යුතු කමිසයක් හා අළු පැහැති කොටු සහිත කලිසමක් හැඳ ඇති බව වැඩි දුරටත් වාර්තා වේ .
