හබරණ සති පොළේ මළ කඳක්.

ඊයේ (02) උදෑසන හබරණ පොලිස් වසමේ සතිපොළ අසල නාදුනන මළ සිරුරක් තිබී සොයා ගත් බව වාර්තා වේ.

මරණකරු වයස අවුරුදු 40 – 45 ත් අතර වයසේ පසුවන උස අඩි 5 අඟල් 2 ක් පමණ වන තලෙළු පිරිමි අයෙක් වන අතර ඔහු උඩු හා යටි රැවුල මදක් වවා තිබේ. එමෙන්ම කොණ්ඩය කොටට කපා ඇති නිල් පාට අත් දිග කමිසයක් , අලු සහ සුදු වර්ණයෙන් යුතු සරමක් ඇඳ සිටි අයෙකි.

මෘත ශරීරය පොළොන්නරුව රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර හබරණ පොලිසිය වැඩි දුර විමර්ශන කටයුතු සිදු කරන බව සඳහන් .

Exit mobile version