කළුතර රෝහලේ රථ ගාලේ මළ සිරුරක්.

කළුතර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරුන්ගේ රථ ගාල ආසන්නයේ ගොඩනැගිලි දෙකක් අතර තිබී පිරිමි පුද්ගලයෙකුගේ මළ සිරුරක් සොයා ගෙන තිබෙන බව වාර්තා වේ .

මරණකරු මීට දින කිහිපයකට පෙර සිය පාදයේ තුවාලයකට ප්‍රතිකාර ගැනීම සඳහා රෝහල වෙත පැමිණ තිබෙන අතර මරණයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බව සඳහන් .

මොහු වයස අවුරුදු 70 ක් පමණ වන වරකාපිටිය ගමගේ චන්ද්‍රසේන නැමැත්තෙක් බව වාර්තා වේ .

Exit mobile version