පාර්ලිමේන්තුව අසල සමනල පාලම ආසන්නයේ මළ සිරුරක් තිබී සොයාගත් බවට වැලිකඩ පොලීසිය ප්‍රකාශ කළ බව වාර්තා වේ.
එම මියගිය පුද්ගලයාගේ සාක්කුවේ තිබී වැඩිහිටි හැඳුනුම්පතක් සොයාගත් බවට පොලීසිය වැඩිදුරටත් අනාවරණය කර තිබේ.
එම හැඳුනුම්පතට අදාලව මියගොස් සිටි පුද්ගලයා 86 හැවිරිදි හෝකන්දර දකුණ ප්‍රදේශයේ පදිංචිකරුවකු බවට වාර්තා වේ.
මේ සම්බන්ධයෙන් ඉදිරි විමර්ශණ කටයුතු වැලිකඩ පොලීසිය විසින් සිදුකරනු ලබයි.
