බඩල්කුඹුර – මොණරාගල මාර්ගයේ 11 කණුව අසල ඇති තාවකාලිකව ඉදිකරන ලද පළතුරු වෙළෙදසැලක් අසල ඊයේ (14) ගෙලෙහි කැපුම් තුවාල සහිතව පුද්ගලයෙකු මිය ගොස් ඇති බව වාර්තා වේ.
අදාළ පුද්ගලයා පළතුරු වෙළෙදසැලේ හිමිකරු බවට මූලික විමර්ශණයේදී අනාවරණය වී ඇති අතර සැකකරු සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු තොරතුරක් හෙළි වී නොමැති බව සදහන්.
මෙසේ මියගොස් ඇත්තේ වයස අවුරුදු 45ක් වූ පුස්සැල්ලෑව ,බඩල්කුඹුර ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
මහේස්ත්‍රාත් පරීක්ෂණයෙන් පසු මෘතශරීරය පශ්චාත් මරණ පරීක්ෂණය සදහා බදුල්ල රෝහලේ මෘතශරීරාගාරයේ තැන්පත් කර ඇති බව සදහන්.
