වාරියපොල මිනුවන්ගැටේ කොනොත්ත ප්‍රදේශයේ වෙල් යායක තිබී මියගිය පිරිමි පුද්ගලයෙකුගේ මළ සිරුරක් අද (18) හමුවී ඇති බව වාර්තා වේ.
මෙසේ මියගොස් ඇත්තේ එම ප්‍රදේශයේම පදිංචි ඩබ්.එම්.එම්.බී. හේරත් බණ්ඩා (53) නැමැති සිව්දරු පියෙකි.
මිය යාමට හේතුව සම්බන්ධයෙන් වාරියපොල පොලිසිය විසින් පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.
මියගොස් සිටි පුද්ගලයා දින කීපයක සිට අතුරුදන්ව සිටි බව ඔහුගේ පවුලේ අය කියති.
අද (18) උදෑසන පුද්ගලයෙකු එම වෙල් යාය මැදින් ගමන් ගන්නා අවස්ථාවේදී සිරුර දැක පොලීසියට දන්වා ඇති බව වාර්තා වේ.
