බෝගම්බර වැවෙන් කාන්තා මළ සිරුරක්.

මහනුවර බෝගම්බර වැවේ තිබී කාන්තා මළ සිරුරක් සොයාගෙන ඇති බව වාර්තා වේ.

නුවර පොලිසියට ලද තොරතුරක් මත සිදුකළ විමර්ශණයේදී අද (20) පෙරවරුවේ මෙම කාන්තා මළ සිරුර සොයාගෙන ඇති බව සදහන්.

මෙලෙස මියගොස් ඇත්තේ අම්පිටිය ප්‍රදේශයේ පදිංචි 31 හැවිරිදි දෙදරු මවකි.

මෘතශරීරය මහනුවර රෝහලේ තැන්පත් කර තිබේ.

මෙම කාන්තාව මියයෑමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර මෙය සියදිවි හානි කර ගැනීමක්ද යන්න සම්බන්ධයෙන් විමර්ශණ සිදුකරන බවට මහනුවර පොලිසිය ප්‍රකාශ කර තිබේ.

Exit mobile version