කෙහෙල්ගම ඔය ඇල මාර්ගයෙන් කාන්තා මළ සිරුරක්.

නොර්වුඩ් පොලිස් බල ප්‍රදේශයේ සෙන් ජෝන් ඩිලරි
වතුයායේ කාන්තාවකගේ මළ සිරුරක් ඊයේ(18) අළුයම 4.00ට පමණ කෙහෙල්ගමු ඔය ඇල මාර්ගයේ තිබි සොයාගෙන ඇති බව නොර්වුඩ් පොලිසියේ නිලධාරියකු ප්‍රකාශ කළ බව වාර්තා වේ .

කාසල්රි ජලාශයට ජලය සැපයෙන කෙහෙල්ගමු ඇල
මාර්ගයේ තිබී හමුව ඇති මෙම මළ සිරුර සෙන් ජෝන්
ඩිලරි වතුයායේ පදිංචි අවුරුදු 56ක් වයැසැති ආර්.
තනලෙච්මි යන අයගේ බවට හදුනා ගෙන ඇති අතර මෙම කාන්තාව එම ඇල මාර්ගයට පැන සිය දිවි හානි කර ගෙන ඇති බවට සැකයක් පවතින බවද සදහන් වේ.

මරණකරුගේ පුත්‍රයා වන කුමරේෂන් දුෂාන්තන් යන
අය මේ පිළිබදව නොර්වුඩ් පොලිසියට ප්‍රකාශයක් කරමින් තම මව 17 වන දින රාත්‍රියේ නිවසේ නිදා ගත් බවත් , තම මව 18වන දින උදැසන වෛද්‍ය පරික්ෂණයක් (ක්ලිනික්) සදහා යාමට අළුයම 3.00ට පමණ අවදි කරවිමට බලන විට මව නිවසේ නොමැති බව තම පියා තමන්ට දැන්වු බවත් , පසුව තම පියා තමන්ද සමග මව සොයා බලන විට නිවසට මිටර් 100ක් පණ දුරින් ගලා යන කෙහෙල්ගමු ඔය ඇල
මාර්ගයේ තම මවගේ මළ සිරුර දුටු බවත් සදහන් කළ බව එම නිලධාරියා ප්‍රකාශ කර තිබේ.

හැටන් පොලිස් අධිකාරි එච්. එම්. නිපුන දෙහිගම මහතාගේ උපදෙස් හා හැටන් සහකාර පොලිස් අධිකාරි 01 එස්. ඩි.එම්. ෆාරුක් මහතාගේ අධීක්ෂණය මත නොර්වුඩ් පොලිස් ස්ථානාධිපති පොලිස් පරික්ෂක එස්. බි. කොහොල්දෙනිය මහතා ඇතුළු නිලධාරින් පිරිසක් මේ පිළිබදව වැඩි දුර පරික්ෂණ මෙහෙයවන බවද එම නිලධාරියා වැඩි දුරටත් සදහන් කර තිබේ.

Exit mobile version