දිවුලපිටිය, බඩල්ගම, දකුණු කෙහෙල්ඇල්ල ප්‍රදේශයේ වත්තක මුරකුටියක තිබී කාන්තාවකගේ මළසිරුරක් පොලීසිය විසින් සොයාගෙන ඇති බව වාර්තා වේ .
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 59 හැවිරිදි එම ප්‍රදේශයේම පදිංචිව සිටි කාන්තාවකි.
පොලිසිය විසින් මෙම මරණය ඝාතනයක් බවට සැකපල කරන අතර සිද්ධිය සම්බන්ධයෙන් වැඩි දුර විමර්ශන කටයුතු බඩල්ගම පොලීසිය විසින් සිදු කරනු ලබයි.
