බදුල්ල ඉහළ අලුත් ඇල පාරේ නිවසක් තුල මියගොස් සිටි කාන්තාවකගේ මළ සිරුරක් හමුවී ඇති බව වාර්තා වේ.
මෙලෙස මියගොස් ඇත්තේ 89 හැවිරිදි කාන්තාවකි.
මියගොස් ඇති කාන්තාවගේ නිවසට ඊයේ පැමිණ ඇති ඥාතියෙකු ඇය මියගොස් සිටින ආකාරය දැක පොලීසිය දැනුවත් කර ඇති බව සදහන්.
මෙම කාන්තාව මීට දින 3කට පමණ පෙර මියයන්නට ඇති බවට මූලික විමර්ශණ වලදී අනාවරණය වී තිබේ.
මරණයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් බදුල්ල පොලීසිය වැඩිදුර විමර්ශණ සිදු කරනු ලබයි.
