මන්නාරම ජපන් මිත්‍රත්ව පාලම අසල මුහුදු වෙරළේ නාදුනන මළ සිරුරක් තිබී සොයා ගත් බව වාර්තා වේ .
මරණකරු වයස අවුරුදු 35 – 45 ත් අතර උස අඩි 5 අඟල් 10 ක පමණ පුද්ගලයෙකු බවත් , කළු පාට අත් දිග කමිසයක් හා සුදු කොටු සරමක් හැඳ සිට ඇති බවත් සඳහන් .
මෘත දේහය මන්නාරම රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් වැඩි දුර විමර්ශන කටයුතු මන්නාරම පොලිසිය විසින් සිදු කරනු ලබයි.
