මීගමුව පොලිසියට ලද තොරතුරක් මත මීගමුව පොලිස් වසමේ අධිකරණ සංකීර්ණය පිටුපස කලපුවේ තිබී කාන්තා මළ සිරුරක් සොයාගෙන තිබෙන බව වාර්තා වේ .
මරණකාරියගේ අනන්න්‍යතාවය මෙතෙක් තහවුරු වී නොමැති අතර අවුරුදු 40 – 45 ත් අතර පසුවන්නෙක් බවට සැක කෙරේ. එමෙන්ම සුදු සහ කළු ඉරි සහිත ටී ෂර්ට් එකක් සහ කළු පැහැති සායක් ඇඳ ඇති උස අඩි 5 ක් පමණ වන කාන්තාවක් බව සඳහන් වේ.
මෘත දේහය සම්බන්ධයෙන් හදිසි මරණ පරීක්ෂණය සිදු කර මීගමුව රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති බවත් , සිද්ධිය සම්බන්ධයෙන් වැඩි දුර විමර්ශන කටයුතු මීගමුව පොලිසිය විසින් සිදු කරන බවත් වාර්තා වේ .
