හෘදයාබාධයක් හේතුවෙන් රෝහලකට ඇතුළත් කළ 76 හැවිරිදි වයෝවෘධ කතක් මිය ගොස් ඇති බවට වෛද්‍යවරුන් තහවුරු කර තිබේ.අනතුරුව ඇයගේ පුත්‍රයා විසින් ඇයගෙන් අවමංගල්‍ය කටයුතු සූදානම් කර භූමිදානයට පෙර ඇඳුම් මාරු කිරීමට සූදානම් වන මොහොතේ දී අදාළ වයෝවෘධ කාන්තාව ගැඹුරින් හුස්ම හෙළන ශබ්දය ඇසී ඇති බව වාර්තා වේ.
ඒ අනුව එම අවස්ථාවේ ඥාතීන් විසින් සිදු කළ පරීක්ෂාවේ දී අදාළ කාන්තාව මිය ගොස් නොමැති බව අනාවරණය වී තිබෙන අතර මැය ප්‍රතිකාර ලබමින් සිටි රෝහලේම දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කළ බව සඳහන්.
