දකුණු පළාතට ඊයේ (22) රාත්‍රියේ සිට ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් පාසල් කිහිපයක් වසා දැමීමට තීරණය කර තිබෙන බව වාර්තා වේ .
ඒ අනුව දකුණු පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරයා සඳහන් කළේ පවතින තත්ත්වය සැලකිල්ලට ගෙන අකුරැස්ස, දෙණියාය, මුලටියාන සහ වලස්මුල්ල යන ප්‍රදේශවල පාසල් වසා දැමීමට කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්ට බලය පැවරූ බවයි.
