පළාත් පාලන මන්ත්‍රීවරුන්ට යළි බලය ලබාදීම සහ විසුරුවා හරින ලද පළාත් පාලන ආයතන යළි කැඳවීම සඳහා වන ප්‍රාදේශීය සභා ආඥාපනත, මහ නගර සභා ආඥාපනත සහ නගර සභා ආඥාපනත සංශෝධන කෙටුම්පත ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත කැටගොඩ මහතා විසින් ඉදිරිපත් කර තිබූ අතර එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි යැයි ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කළ බව කථානායක මහින්ද යාපා අබේවර්ධන අද (08) ප්‍රකාශ කළ බව වාර්තා වේ .
මීට පෙර නීතිපතිවරයා විසින්ද මෙම පනත් කෙටුම්පතේ සංශෝධන පාර්ලිමේන්තුවේ සරළ බහුතරයකින් සම්මත කළ නොහැකි බව දැනුම්දී තිබුණි.
