මයික්‍රොසොෆ්ට් සමාගමෙන් තීරණයක්.

මයික්‍රොසොෆ්ට් සමාගම විසින් wordpad මෘදුකාංගය යාවත්කාලීන නොකිරීමට තීරණය කළ බව වාර්තා වේ.

ඔවුන් ප්‍රකාශ කරන්නේ ඊට ක්‍රියාකාරී සංවර්ධනයක් අවශ්‍ය නොවන බැවින් එම තීරණය ගත් බවයි.

Wordpad මෘදුකාංගය යනු මයික්‍රොසොෆ්ට් මෙහෙයුම් පද්ධතියේ මූලික පෙළ – සංස්කරණ යෙදුමක් වන අතර මෙම මෘදුකාංගයෙන් පරිශීලකයන්ට අකෘතිගත පෙළ සමඟ ලේඛන නිර්මාණය කිරීමට සහ සංස්කරණය කිරීමට , අනෙකුත් ගොනු වෙත පින්තූර සහ සබැදි ඇතුළත් කිරීමට අවස්ථාව ලබා දෙන මෘදුකාංගයකි.

Exit mobile version