සංචාරක හොටල් සහ අවන්හල් සඳහා මෘදු මත්පැන් බලපත්‍ර ලබාදීම තාවකාලිව නවතා දැමීමට පියවර ගෙන ඇතැයි අතිරේක සුරාබදු කොමසාරිස් ජනරාල් කපිල කුමාරසිංහ මහතා ප්‍රකාශ කළ බව වාර්තා වේ .
ඔහු ප්‍රකාශ කළේ අධිකරණය මඟින් ලබා දුන් නියෝගයකට අනුව මෙම පියවර ගත් බවයි .
වැඩි දුරටත් අදහස් දැක්වූ ඒ මහතා ,
“ශ්‍රී ලංකාව තුළ සංචාරකයින්ට අවශ්‍ය ආහාරපාන හා සේවා පහසුකම් සපයනු ලබන විවිධ සංචාරක ස්ථාන සඳහා සංචාරක අමාත්‍යාංශය මඟින් ඉදිරිපත් කරන ලද, යෝජනාවකට අනුව මෙැවනි ස්ථාන සඳහා පහසුවෙන් සුරාබදු බලපත්‍ර ලබාගැනීමට හැකි ක්‍රමවේදයක් පිළියෙල කරනු ලැබුවා. ඒ අනුව එම ස්ථාන අනුව එම ස්ථාන අනුව මෘදු මත්පැන් බලපත්‍ර ලබාදීමට කටයුතු කළා. එය ඇත්තටම ලබා දුන්නේ අවසරයක් ඇතිව. මේ අවස්ථාව වෙන විට දිවයින පුරා 400කට අධික ස්ථාන සංඛ්‍යාවකට එම අවසර පත්‍ර ලබාදී තියෙනවා. කෙසේ වෙතත් මේ සතියේ සිට එම බලපත්‍ර ලබාදීම තාවකාලිව නවතා තිබෙනවා අධිකරණය මඟින් ලබාදුන් වාරණ නියෝගයකට අනුව. ඉදිරියේ දී එම බලපත්‍ර ලබාදීමට සුදුසු පියවරක් ගැනීමට බලාපොරොත්තු වෙනවා.”
