අර්ධ සුඛෝපභෝගි බස් රථ ගැන තීරණයක්.

අර්ධ සුඛෝපභෝගි බස් රථ ලබන මාසයෙන් පසුව අහෝසි කරන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව ප්‍රකාශ කළ බවට වාර්තා වේ.

අර්ධ සුඛෝපභෝගි බස් රථ සම්බන්ධයෙන් ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව ඉහළ ගොස් ඇති බවට එහි අධ්‍යක්ෂක ජනරාල් නිලාන් මිරැන්ඩා මහතා සදහන් කර තිබේ.

“අපි ක්‍රියාමාර්ගයක් ගත්තා ප්‍රවාහන අමාත්‍යාංශයේ උපදෙස් පරිදි අර්ධ සුඛෝපභෝගි සේවාව සාමාන්‍ය සේවාවක් හා සුඛෝපභෝගි සේවාවක් බවට පත්කරන්න. ඒ අනුව සියලුම බස්හිමියන්ව දැනුවත් කරලා තියෙනවා තමන්ගේ බස්රථය සාමාන්‍ය සේවාවක් බවට හෝ සුඛෝපභෝගි සේවාවක් බවට පත්කරන්න කියලා. ඒ සඳහා අපි ගාස්තු අයකිරීමකින් තොරව සිදුකරනවා. මේ වනවිට බස්රථ 430ක් පමණ අර්ධ සුඛෝපභෝගී තියෙනවා. මේ වෙද්දි බස් 20ක් පමණ එවැනි සේවා සංශෝධනවලට ඉල්ලීම් ලැබිලා සිදුකරමින් පවතිනවා. දැනට සේවා සංශෝධනය මැයි මස 31 වනදා දක්වා සිදුකරන ලෙසට බස්හිමියන්ව දැනුවත් කරලා තියෙනවා.”

කෙසේවෙතත් මෙය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් ගැටලුවක් පවතින බවට ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා ප්‍රකාශ කර තිබේ.

Exit mobile version