ඉදිරි මාස 4ක කාලයක් ඩීසල් නැව් තොග 4ක් මිල දී ගැනීම සඳහා අමාත්‍ය මණඩල අනුමැතිය හිමිව ඇති බව වාර්තා වේ.
ඒ අනුව නොවැම්බර් මස 1 වනදා සිට 2024 පෙබරවාරි මස 29 වනදා දක්වා වු කාලය සඳහා ලංකා ඛනිජතෙල් සංස්ථාව සඳහා ඩීසල් නැව් තොග 4ක් මිල දී ගැනීම වෙනුවෙන් දිගුකාලීන කොන්ත්‍රාත්තු ක්‍රමවේදය යටතේ ලංසු කැඳවා ඇති බව සදහන්.
ඒ සඳහා ලංසු 5ක් ඉදිරිපත් වී තිබේ.
ඒ අනුව අමාත්‍ය මණ්ඩලය විසින් පත්කරන ලද විශේෂ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශ මත පදනම්ව Petrochina Inaternational (Singapore) Pte.Ltd යන සමාගම වෙත අදාළ ප්‍රසම්පාදන පිරිනැමීම සඳහා බලශක්ති අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
