ත්‍රීරෝද රථ ගාස්තු ගැන තීරණයක්.

ඉන්ධන මිල ගණන් පහත දැමුවද ත්‍රීරෝද රථ ගාස්තුවේ කිසිදු වෙනසක් සිදු නොකරන බව සමස්ත ලංකා ත්‍රීරෝද රථ රියදුරන්ගේ වෘත්තීය සමිති සංගමය ප්‍රකාශ කළ බවට වාර්තා වේ.

එහි සභාපති ලලිත් ධර්මසේන මහතා අද (01) උදෑසන මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසා සිටියේ ,ප්‍රෙට්‍රල් මිල රුපියල් 7කින් වැනි සුළු මුදලකින් පහත දැමීම ගාස්තු සංශෝධනයක් සිදු කිරීමට ප්‍රමාණවත් නොවන බවය.

වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා,

“මේ රුපියල් 7 අඩු කිරීම නිසා සහනයක් නෙමෙයි අසහනයක් ඇතිවුණේ. ධනපතියාට එයාගේ බර අඩුකරනවා. අපිට සල්ලි දීලවත් අවශ්‍ය තරම් පෙට්‍රල් ප්‍රමාණය දෙන්නේ නැහැ. ඒ නිසා ඔය රුපියල් 7 අඩු නොකරාට කමක් නැහැ. විශේෂයෙන් හයර් දුවන ත්‍රීරෝද රථ රියදුරාට අවශ්‍ය පෙට්‍රල් ප්‍රමාණය දෙන්න කියලා ආණ්ඩුව කියන්න. මොනම හේතුවක් නිසාවත් ගාස්තුව අඩු කරන්නේ නැහැ.”

Exit mobile version