වැසි සහිත කාලගුණික තත්ත්වය එළැඹෙන 21 වැනි දායින් පසු ක්‍රමිකව පහව යනු ඇති බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පුරෝකථනය කර ඇති බව වාර්තා වේ.
කෙසේ වුවත් අද (19) පස්වරුවේත් දිවයිනේ ප්‍රදේශ රැසකට තද වැසි ඇදහැලෙන බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කර තිබේ.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ දත්තවලට අනුව ගත වූ පැය 24 තුළ වැඩිම වර්ෂාපතනය වාර්තා වුණේ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයෙනි.
