රුසියාවේ ඇගළුම් කර්මාන්ත ශාලාවල හා සත්ව ගොවිපලවල සේවය සඳහා ගොස් සිටින ශ්‍රි ලාංකික ශ්‍රමිකයින්ට සිය සේවා ස්ථානවල ගැටළු රැසක් පවතින බවට විදේශ සේවා නියුක්ති කාර්යාංශය වෙත පැමිණිලි ලැබී තිබෙන අතර, ඔවුන්ගේ ගැටළු පිළිබදව සොයා බැලීම හා නව රැකියා අවස්ථා උදාකර දීම සඳහා කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතාගේ උපදෙස් පරිදි ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිළධාරීන් පිරිසක් මේ දිනවල රුසියාවේ සංචාරයක නිරතව සිටින බව වාර්තා වේ.
රුසියාවේ සේවය සඳහා ගොස් සිටින ශ්‍රි ලාංකික ශ්‍රමිකයින්ට තමන්ට හිමි වැටුපෙන් කොටසක් බදු වශයෙන් අයකිරීම හා විධිමත් අයුරින් මුදල් දිවයිනට ප්‍රේෂණය කිරීමට නොහැකිවීම ඇතුළු නොයෙකුත් ගැටළු උද්ගත වී තිබෙන බව සදහන්.
මේ පිළිබඳව අමාත්‍ය මනුෂ නානායක්කාර මහතාට කරුණු අනාවරණය වීමෙන් පසු ස්වයං මාර්ගයෙන් රුසියාවේ රැකියා සඳහා ශ්‍රමිකයින් යොමුකිරිම තාවකාලිකව අත්හිටුවීමට පියවර ගන්නා ලදී.
වැඩිදුරටත් අදාල ගැටළු පිළිබඳව කරුණු සොයාබැලීම හා ශ්‍රමිකයින් බඳවා ගැනීම සිදුකරන ආයතනවල කළමනාකරුවන් හමුවී සාකච්ඡා කිරීමෙන් අනතුරුව අදාළ ගැටළු සඳහා විසදුම් ලබාදීම මෙම නියෝජිත පිරිසගේ සංචාරයේ අරමුණ බව සදහන්.
රුසියාවේ සංචාරයේ නිරත දූත පිරිසට විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අතිරේක සාමාන්‍යාධිකාරී එම්.ආර්.සී.බී.ඒකනායක, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරුන් වන පී.පී.වීරසේකර, ප්‍රියංකා රත්නසිංහාරච්චි යන මහත්ම මහත්මීන් එක්ව සිටිති.